Latest News

හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීමට සැලසුම්

Published 1 hour ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ගෝලීය තෙල් ප්‍රවාහනයේ වැදගත්ම මුහුදු මාර්ගයක් වන හෝමුස් සමුද්‍ර සන්ධිය නුදුරේදීම යළි විවෘත කිරීමට සැලසුම් කර ඇති බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.
CNN නාලිකාව සමඟ පැවති විශේෂ සාකච්ඡාවකදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, එම සමුද්‍ර සන්ධියේ ආරක්ෂාව සහ පාලනය ඇමරිකාව සහ ඉරානය එක්ව සිදු කිරීම පිළිබඳ සාකච්ඡා පැවැත්වෙන බවයි.
ඉරානයේ වත්මන් හෝ අනාගත ආගමික නායකත්වය සමඟ එක්ව මෙම මුහුදු මාර්ගය කළමනාකරණය කිරීමට තමන් සූදානම් බවද ඔහු පැවසීය.
පසුගිය දිනවල සිදුවූ ප්‍රහාරවලින් ඉරානයේ ජ්‍යෙෂ්ඨ නායකත්වයේ වෙනස්කම් සිදුවෙමින් පවතින බව සඳහන් කළ ජනාධිපතිවරයා, මේ වනවිට සාකච්ඡා සඳහා එක්ව සිටින ඉරාන නියෝජිතයන් සාධාරණ හා ස්ථාවර පිරිසක් බවද ප්‍රකාශ කළේය.
පාලන තන්ත්‍රයේ වෙනස්කම් සිදුවන පසුබිමක ගැටුම සමනය කර ගැනීමට අවස්ථාවක් ඇති බවත්, පසුගිය සති අන්තයේ පැවති සාකච්ඡාවලින් යහපත් ප්‍රගතියක් දක්නට ලැබුණු බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
ලෝක තෙල් වෙළඳාමට දැඩි බලපෑමක් ඇති කරන හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීම ගෝලීය ආර්ථිකයට වැදගත් පියවරක් ලෙස විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

World News

Send your contact Details Today