Latest News

ඉරාන නෞකා නාවිකයන් ගැන තීරණයක් දින දෙකකින් – නියෝජ්‍ය ආරක්ෂක ඇමති

Published 2 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com


අයිරිස් ඩේනා සහ අයිරිස් බුෂර් නම් ඉරාන නෞකාවලින් බේරාගත් නාවිකයන් සම්බන්ධයෙන් ඉදිරි දින දෙක ඇතුළත අවසන් තීරණයක් ගැනීමට නියමිත බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා ප්‍රකාශ කළා.
විදේශ කටයුතු අමාත්‍යාංශය මගින් ඉරාන තානාපතිවරයා සහ ඉරාන රජය සමඟ පසුගිය දින කිහිපය තුළ වට කිහිපයක සාකච්ඡා පැවැත්වූ බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස මියගිය නාවිකයන්ගේ සියලුම මළසිරුරු ඉරානයට යැවීම අවසන් කර ඇති බවත් ඔහු සඳහන් කළා.
අයිරිස් ඩේනා නෞකාවේ සිටි 32 දෙනෙකු සහ අයිරිස් බුෂර් නෞකාවේ සිටි 208 දෙනෙකු මෙරටට බේරාගෙන, මේ වන විට ඔවුන් වැලිසර සහ කොග්ගල ආරක්ෂක කඳවුරුවල රඳවා සිටින බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
එමෙන්ම අයිරිස් ඩේනා නෞකාවේ සිටි නාවිකයන් 84දෙනෙකුගේ මළසිරුරු පසුගිය 13 වනදා විශේෂ ගුවන් යානයකින් ඉරානයට යවා ඇති බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.
අයිරිස් ඩේනා නෞකාව පසුගිය 4 වනදා ගාල්ලට ඈත මුහුදේදී අමෙරිකානු සබ්මැරීන් ප්‍රහාරයකින් විනාශයට පත්වුනා. ඒ වගේම අයිරිස් බුෂර් නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් බේරාගෙන ත්‍රිකුණාමලය වරායට රැගෙන යනු ලැබුුුවා

World News

Send your contact Details Today