හොඳම ජාත්‍යන්තර චිත්‍රපටයට හිමි ඔස්කාර් සම්මානය ප්‍රදානය කිරීම සඳහා වේදිකාවට පැමිණි ප්‍රකට හොලිවුඩ් නළු ජාවියර් බාඩම් (Javier Bardem), “යුද්ධයට එපා, පලස්තීනය නිදහස් කරනු” යනුවෙන් ප්‍රකාශ කරමින් සිය කතාව ආරම්භ කළා.
ඊයේ (15) පැවති මෙම සම්මාන උළෙලට එක්ව සිටි අමුත්තන් ඔහුගේ එම ප්‍රකාශයට උණුසුම් ප්‍රතිචාර දක්වමින් විශාල අත්පොළොන් හඬක් පළ කළ බව වාර්තා වෙනවා.
තවද, එම අවස්ථාවේදී බාඩම් පැළඳ සිටි ටක්සිඩෝ (Tuxedo) කබායෙහි ලාංඡන දෙකක් දක්නට ලැබුණා. එකක් “යුද්ධය එපා ” යනුවෙන් සඳහන් ලාංඡනයක් වූ අතර, අනෙක පලස්තීනයට සහය පළ කරන ලාංඡනයක් වූ බව සඳහන්.