Latest News

ඉන්ධන QR කේත ගැටලු කඩිනමින් විසඳයි

Published 2 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com


QR කේත භාවිතා කර ඉන්ධන ලබා ගැනීම සඳහා හඳුන්වා දී ඇති ක්‍රමයට අදාළව පැන නැගී ඇති ගැටලු කඩිනමින් විසඳීමට මේ වන විටත් කටයුතු කරමින් පවතින බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, මීට පෙර QR කේතය ලබාගත් සහ එම වාහනය හා එම දුරකථන අංකයම භාවිතා කරන පුද්ගලයින්ට කිසිදු ගැටලුවකින් තොරව නව QR කේතය යාවත්කාලීන කරගත හැකි බවයි.
වාහනය හෝ දුරකථන අංකය වෙනස් වූ අය සහ අලුතින් වාහන මිලදී ගත් අය මුහුණ දෙන ගැටලු හඳුනාගෙන ඒවා ඉක්මනින් විසඳීමට කටයුතු කරමින් පවතින බවද ඔහු සඳහන් කළේය.
එමෙන්ම අත්‍යවශ්‍ය සේවා, කෘෂිකර්ම කටයුතු සහ විශේෂ අවශ්‍යතා සඳහා ඉන්ධන සැපයීම සම්බන්ධ ගැටලු පිළිබඳ සවස් වරුවේ තීරණ ගෙන අද දිනය තුළම විසඳුම් ලබාදීමට කටයුතු කරන බවද නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ

World News

Send your contact Details Today