Latest News

UAE ප්‍රධාන වරායන්ට ඉරාන අනතුරු ඇඟවීමක් – වහා ඉවත් වන්නැයි දැනුම්දීම

Published 2 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com


එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) ප්‍රධාන වරාය ආශ්‍රිත ප්‍රදේශවලින් වහාම ඉවත් වන ලෙස ඉරානයට සම්බන්ධ අර්ධ රාජ්‍ය පුවත් සේවයක් වන Tasnim News Agency හදිසි නිවේදනයක් නිකුත් කර ඇති බව Al Jazeera පුවත් සේවය වාර්තා කරනවා.
එම අනතුරු ඇඟවීමේදී විශේෂයෙන් සඳහන් කර ඇත්තේ
Jebel Ali Port
Khalifa Port
Fujairah Port
යන වරාය ආශ්‍රිත ප්‍රදේශවලින් ජනතාව ඉවත් වන ලෙසයි.
සිවිල් යටිතල පහසුකම් තුළ අමෙරිකානු හමුදා බලකා රැඳී සිටින බවට ඇති චෝදනා හේතුවෙන් මෙම වරාය “නීත්‍යානුකූල යුද ඉලක්ක” බවට පත්ව ඇති බවත්, ඉදිරි පැය කිහිපය තුළ මෙම ස්ථාන ඉලක්ක කර ප්‍රහාර එල්ල විය හැකි බවත් එම පුවත් වාර්තාවල සඳහන් වෙයි.
මෙම අනතුරු ඇඟවීම මැදපෙරදිග කලාපයේ තවදුරටත් උණුසුම්කාරී ආරක්ෂක තත්ත්වයක් ඇති විය හැකි බවට ලෝක විශ්ලේෂකයින් අනතුරු අඟවන අවස්ථාවක නිකුත් වී තිබීම විශේෂත්වයක් ලෙස සැලකේ.

World News

Send your contact Details Today