මහරගමදී ඊයෙ (14) රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීමට එරෙහිව අත්සන් ලක්ෂයක මහජන පෙත්සම ආරම්භ වුණා.
මෙම පෙත්සම නව ජනතා පෙරමුණ ඇතුළු මහරගම නගර සභාවේ ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කර තිබු අතර, තේමාව වන්නේ –
“සලේ දඟමගට යවන මර්දනකාරී ආණ්ඩුවට එරෙහිව පළමු හඬ, මහරගමින් අරඹමු”
එක්සත් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයක් සුරේෂ් සලේගේ සුවදුක් විමසීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණුණත්, එහිදී ඔවුන්ට සුරේෂ් සලේ මුණගැසීමට නොහැකි වී ඇති බව වාර්තා වේ. ඉදිරියේදී අධිකරණ නියෝගයක් මගින් එහි පැමිණීමේ අවස්ථාව ලබා දෙනු ඇති බවද සඳහන් වේ.