Latest News

සැකකටයුතු බහුදින ධීවරයාත්‍රාවක් නාවික හමුදා භාරයට

Published 1 hour ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ගිනිඅවි සහ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ බවට සැක කරන බහුදින ධීවර යාත්‍රාවක් දකුණු මුහුදේදී නාවික හමුදා භාරයට ගෙන ඇති බව නාවික හමුදාව පවසනවා.
අදාළ යාත්‍රාව පරීක්ෂා කිරීමේදී එහි T-56 සහ M-16 වර්ගයේ ගිනිඅවි මෙන්ම පිස්තෝල ද සොයාගත් බව නාවික හමුදාව සඳහන් කළා.
එම යාත්‍රාව මේ වනවිට වැඩිදුර විමර්ශන සඳහා දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන එමින් සිටින බවද වාර්තා වනවා.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ නාවික හමුදාව විසින් ආරම්භ කර ඇති බවයි සඳහන් වන්නේ.

World News

Send your contact Details Today