Latest News

සාරා ජෙස්මින්ගේ තෙවැනි ඩී.එන්.ඒ. පරීක්ෂණය ගැන අධිකරණයට කරුණු වාර්තා කරන්න – CIDට නියෝග

Published 2 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com


පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ බවට සැකකරන පුලස්තිනී මහේන්ද්‍රන් නොහොත් සාරා ජෙස්මින්ට අදාළව තෙවන ඩී.එන්.ඒ. පරීක්ෂණය සිදු කිරීමට 2022 වසරේදී එවකට සිටි ජනාධිපතිවරයා විසින් ලබාදුන් නියෝගය සම්බන්ධයෙන් විමර්ශන පවත්වා තිබේද යන්න වහාම අධිකරණයට වාර්තා කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (11) නියෝග කළා.
2019 අප්‍රේල් 26 වනදා සයින්දමරුදු ප්‍රදේශයේ පිහිටි නිවසක සිදුවූ පිපුරුමකින් සහරාන් හෂීම්ගේ පවුලේ සාමාජිකයන් ඇතුළු පිරිසක් මියගොස් තිබුණා. එම අවස්ථාවේ එම නිවස තුළ සිටි බව කියන සාරා ජෙස්මින් මියගොස් නොමැති බව ඩී.එන්.ඒ. පරීක්ෂණ දෙකකින්ම තහවුරු වී තිබුණා.
එසේ තිබියදීත් 2022 වසරේ පැවති ආරක්ෂක මණ්ඩල රැස්වීමකදී සාරා ජෙස්මින්ට අදාළව තෙවැනි ඩී.එන්.ඒ. පරීක්ෂණයක් සිදු කිරීමට එවක ජනාධිපතිවරයා නියෝග ලබාදී ඇත්තේ විමර්ශන නිසි මගට ගෙන යාම සඳහාද, නැතහොත් සාක්ෂි වසන් කිරීමට හෝ විමර්ශන කඩාකප්පල් කිරීමටද යන්න සොයා බලන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.
එම නියෝගය කුමන පදනමකින්, කාට ලබාදී ඇත්තේද යන්න පිළිබඳවද විමර්ශනය කර එහි අපරාධ වරදක් තිබේද නැද්ද යන්න සම්බන්ධයෙන් වහාම වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද නියෝග කෙරුණා.
එමෙන්ම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් 4 නාලිකාව විසින් හෙළිකළ කරුණු සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයේ තෙවන සැකකරු ලෙස නම් කළ හිටපු බුද්ධි අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා සැකකරුවෙකු ලෙස නම් කිරීමට අදාළ පිටු 25ක සාක්ෂි සම්පිණ්ඩන වාර්තාවක් ද රහස් පොලිසිය අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

World News

Send your contact Details Today