දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සිර දඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු විසින් එම දඬුවමට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනා විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව ප්‍රකාශයට පත් කිරීම පසුවට කල් තැබුවා.
මෙම පෙත්සම් විභාගය අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ පැවැත්වුණා.
අද තුන්වන දිනටත් අභියාචනා විභාගය පැවැත්වුණු අතර විත්තිකාර අභියාචකයින්ගේ නීතිඥවරුන් සහ අල්ලස් කොමිසම නියෝජනය කරන නීතිඥවරියන්ගේ දේශන ඉදිරිපත් චකිරීම එහිදී අවසන් කෙරුණා.
ඉන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම අභියාචනාවලට අදාළ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම පසුවට කල් තැබූ බව වාර්තා වනවා.