මැදපෙරදිග කලාපයේ පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් දේශීය වෙළෙඳපොළේ රන් මිල ඉහළ අගයක පවතින බව වාර්තා වනවා.
Sri Lanka Gem and Jewellery Association සඳහන් කළේ ඒ අනුව අද වනවිට කැරට් 24 රන් පවුමක මිල රුපියල් 415,000ක් ලෙස සටහන් වී ඇති බවයි.
එසේම කැරට් 22 රන් පවුමක මිල රුපියල් 383,800ක් ලෙස දැක්වෙන බවද එම සංගමය පවසනවා.
ජාත්‍යන්තර වෙළෙඳපොළේ රන් මිල ඉහළ යාමත්, මැදපෙරදිග කලාපයේ පවතින ගැටුම්කාරී තත්ත්වයත් හේතුවෙන් මෙලෙස දේශීය වෙළෙඳපොළේද රන් මිල ඉහළ ගොස් ඇති බව වෙළඳ ආරංචි මාර්ග සඳහන් කරනවා.