Dubai International Airport අසලට ඩ්‍රෝන යානා දෙකක් කඩා වැටීමෙන් විදෙස් ජාතිකයින් සිව්දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එම අනතුරින් ඝානා ජාතිකයන් දෙදෙනෙකු, බංග්ලාදේශ ජාතිකයෙකු සහ ඉන්දීය ජාතිකයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව සඳහන්.
කෙසේ වෙතත්, මෙම සිද්ධිය හේතුවෙන් ගුවන් ගමන් කටයුතු වලට විශාල බාධාවක් සිදුවී නොමැති අතර, Dubai International Airport හි ගුවන් ගමන් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බවත් වාර්තා වෙයි.
ඩ්‍රෝන යානා කඩා වැටීමට හේතුව පිළිබඳව සම්බන්ධ බලධාරීන් විසින් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇති බවද විදෙස් වාර්තා සඳහන් කරනවා.