වයස්ගත පූජකයින් සමඟ සංවාද කිරීමට සහ ආගමික උපදෙස් ලබාදීමට හැකි “බුද්ධරොයිඩ්” (BuddhaDroid) නමින් බෞද්ධ කෘත්‍රිම බුද්ධි (AI) රොබෝවරයෙක් නිර්මාණය කර තිබෙනවා.
මෙම රොබෝවරයා ජපානයේ කියෝතෝ විශ්වවිද්‍යාලය විසින් බෞද්ධ ධර්ම ග්‍රන්ථ ඇසුරින් පුහුණු කර තිබෙන බව සඳහන්.
මෙම නව තාක්ෂණික නිර්මාණයේ අරමුණ වන්නේ මිනිසුන් අනෙක් අයගෙන් අසන්න මැලි වන සංවේදී ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීමයි.
එහි සදාචාරාත්මක පැත්ත පිළිබඳව විවිධ වාද–විවාද පවතින අතර, ජපානයේ ජනගහනය අඩුවීම සහ වැඩිහිටි ජනගහනය වැඩිවීම වැනි තත්ත්වයන් හමුවේ අනාගතයේදී රොබෝවරු හරහා සමහර කාර්යයන් කළමනාකරණය කිරීමට හැකිවනු ඇති බවත් කියෝතෝ විශ්වවිද්‍යාලය පවසනවා.