Latest News

ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ බස් ගාස්තු වැඩි කිරීමට යෝජනා – අවසන් තීරණය අද

Published 1 hour ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉන්ධන මිල ඊයේ (09) මධ්‍යම රාත්‍රියේ සිට වැඩිවීමත් සමඟ බස් ගාස්තු සංශෝධනයක් අවශ්‍ය බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.
එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ අද (10) දිනයේ සංගමයේ නියෝජිතයින් රැස්වී බස් ගාස්තු කොපමණ ප්‍රමාණයකින් වැඩි කළ යුතුද යන්න පිළිබඳ අවසන් තීරණයක් ගන්නා බවයි.
කෙසේ වෙතත්, ඉන්ධන මිල ඉහළ ගියද මේ වන විට බස් ගාස්තු සංශෝධනයක් සිදු කිරීමට සැලසුමක් නොමැති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරැන්ඩා ප්‍රකාශ කළා.

World News

Send your contact Details Today