Latest News

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස ගැරි කර්ස්ටන්

Published 2 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ගැරි කර්ස්ටන් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කර තිබෙනවා.
ඒ අනුව ඔහු වසර දෙකක කාලයක් එම ධුරයේ කටයුතු කිරීමට නියමිත අතර, මෙම පත්කිරීම ලබන මස 15 වැනිදා සිට බලාත්මක වීමට නියමිතයි.
ගැරි කර්ස්ටන්ගේ පුහුණුකාරීත්වය යටතේ ඉන්දියානු කණ්ඩායම 2011දී ICC Cricket World Cup 2011 ජයග්‍රහණය කිරීමට සමත් විය. ඔහු එම කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස 2008 සිට 2011 දක්වා කටයුතු කළා.
ඉන් අනතුරුව 2011 සිට 2013 දක්වා කාලය තුළ ඔහු දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ අතර 2013දී එම කණ්ඩායම සියලුම ක්‍රිකට් ආකෘතිවල ලොව අංක 1 කණ්ඩායම බවට පත්වීමට සමත් වුණා.
මෑතකදී අවසන් වූ ICC Men’s T20 World Cup තරගාවලියේදී ඔහු නැම්බියා කණ්ඩායමේ උපදේශකවරයා ලෙසද කටයුතු කළා.
1993 සිට 2004 දක්වා කාලය තුළ දකුණු අප්‍රිකානු ජාතික කණ්ඩායම නියෝජනය කළ ගැරි කර්ස්ටන් ටෙස්ට් සහ එක්දින තරගවලදී ලකුණු 14,087ක් රැස්කර තිබෙනවා. එයට ටෙස්ට් ශතක 21ක් සහ එක්දින ශතක 13ක් ඇතුළත්.
ඔහුගේ පුහුණුකාරීත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම ICC Cricket World Cup 2027 තරගාවලියට මුහුණදීමට නියමිතයි

World News

Send your contact Details Today