එම්මානුවෙල් මැක්‍රොන් විසින් හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීම සඳහා නාවික හමුදා බලඇණියක් එම කලාපයට යෙදවීමට නියෝග කර තිබෙනවා.
ඒ අනුව ෆ්‍රිගේට් යාත්‍රා 8ක්, හෙලිකොප්ටර් වාහක නෞකා 2ක් සහ ප්‍රංශයේ ප්‍රධානතම ගුවන් යානා ප්‍රවාහන නෞකාව වන Charles de Gaulle ගගුවන්යානා ප්‍රවාහන නෞකාවද එම මෙහෙයුම සඳහා යෙදවීමට නියමිත බව විදෙස් වාර්තා සඳහන් කරනවා.
මෙම යාත්‍රා සංඛ්‍යාව සමස්ත Royal Navy නාවික බලඇණියටත් වඩා වැඩි සංඛ්‍යාවක් වන බවද සඳහන්.
මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම් ආරක්ෂක තත්ත්වය හමුවේ හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා සිදු වන ජාත්‍යන්තර තෙල් ප්‍රවාහනය සහ වෙළෙඳ ගමනාගමනය ආරක්ෂා කිරීම මෙම මෙහෙයුමේ ප්‍රධාන අරමුණ ලෙස සැලකෙනවා.