මැදපෙරදිග කලාපයේ උත්සන්න වෙමින් පවතින ගැටුම්කාරී වාතාවරණය සමස්ත කලාපයේම මහජන සෞඛ්‍යයට බරපතල අවදානමක් මතු කර ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.
එම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් ඉරානයෙ හි පිහිටි පෙට්‍රෝලියම් පහසුකම්වලට එල්ල වූ ප්‍රහාර හේතුවෙන් වාතය, ජලය සහ ආහාර දූෂණය වීමේ දැඩි අවදානමක් පවතින බවයි.
මෙම තත්ත්වය විශේෂයෙන්ම දරුවන්, වැඩිහිටියන් සහ නිදන්ගත රෝගවලින් පෙළෙන පුද්ගලයන්ට ඉතා භයානක විය හැකි බවද ඔහු පෙන්වා දෙනවා.
එමෙන්ම රටේ ඇතැම් ප්‍රදේශවලට තෙල් මිශ්‍ර වැසි පතිත වන බවට ද වාර්තා ලැබී ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
මෙම තොරතුරු පිළිබඳව විදෙස් මාධ්‍ය වන Al Jazeera ද වාර්තා කර තිබෙනවා.