‘මතට තිත’ ජාතික මෙහෙයුම යටතේ සිදුකළ වාහන පරීක්ෂාවකදී රුපියල් ලක්ෂ 40කට ආසන්න වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු දොඩංගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දොඩංගොඩ ප්‍රදේශයේ සැකසහිත ලෙස ගමන්ගත් ත්‍රීරෝද රථයක් නවතා පරීක්ෂා කිරීමේදී එහි සිටි පුද්ගලයා සන්තකයේ තිබූ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 225කට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන ඇති බව පොලීසිය සඳහන් කළා.
එම මත්ද්‍රව්‍ය තොගයේ වෙළඳපල වටිනාකම රුපියල් ලක්ෂ 40කට ආසන්න බවද පොලීසිය පවසනවා.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 26ක් වන දොඩංගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බවයි වාර්තා වෙන්නේ.
ඔහු කළුතර ප්‍රදේශයේ ක්‍රියාත්මක ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම් ජාලයකට සම්බන්ධ පුද්ගලයෙකු විය හැකි බවට ද පොලීසිය සැක පළ කරන අතර, ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මේ වනවිටත් ආරම්භ කර තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිත බවද පොලීසිය සඳහන් කළා.