Ghostbusters චිත්‍රපටය සහ Charles in Charge ටෙලි නාට්‍ය මාලාව හරහා ලෝකප්‍රසිද්ධියට පත් වූ ඇමරිකානු නිළි ජෙනිෆර් රන්යොන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මියයන විට ඇයගේ වයස අවුරුදු 65ක් බව වාර්තා වනවා.
ඇයගේ පවුලේ සාමාජිකයන් සමාජ මාධ්‍ය ඔස්සේ නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ පසුගිය සිකුරාදා (මාර්තු 6) දින ඇය මෙලොවින් සමුගෙන ඇති බවයි. දිගු කාලයක් රෝගාතුරව සිටි ඇය මියයන අවස්ථාවේ පවුලේ සමීපයන් හා හිතවතුන් පිරිවරා සිටි බවද එම නිවේදනයේ සඳහන්.
එමෙන්ම ඇයගේ සමීප මිතුරියක් වන නිළි Erin Murphy පවසන්නේ ජෙනිෆර් රන්යොන් කෙටි කාලයක් පිළිකා රෝගයකින් පීඩා විඳ ඇති බවයි.
“ඇය ඉතා සුවිශේෂී කාන්තාවක්. මට ඇයව ගොඩක් මතක් වේවි,” යනුවෙන් එරින් මර්ෆි සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඇය පිළිබඳ ශෝකය පළ කර තිබුණි.