Latest News

අමෙරිකාව හා ඊශ්‍රායලය පටවා දුන් යුද්ධයකට ප්‍රතිචාර දක්වන්නෙමු – ඉරාන විදේශ අමාත්‍ය

Published 12 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මැදපෙරදිග කලාපයේ ඇමෙරිකානු ඉලක්ක වෙත ඉරානය එල්ල කරන ප්‍රහාර, අමෙරිකාව සහ ඊශ්‍රායලය විසින් “බලහත්කාරයෙන් පටවන ලද” යුද්ධයකට ප්‍රතිචාරයක් බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි පවසා තිබෙනවා.
විදෙස් මාධ්‍යයකට ලබාදුන් සම්මුඛ සාකච්ඡාවකදී ඔහු සඳහන් කළේ, මෙම ගැටුම ඉරානය විසින් තෝරාගත් එකක් නොවන බවත් රට ක්‍රියා කරන්නේ ආත්මාරක්ෂාව වෙනුවෙන් පමණක් බවත්ය.
“මෙය අප විසින් තෝරාගත් යුද්ධයක් නොවේ. මෙය අමෙරිකාව සහ ඊශ්‍රායලය විසින් අප මත පටවන ලද යුද්ධයක්,” යනුවෙන් ඔහු අවධාරණය කර තිබෙනවා.
එමෙන්ම මෙම ගැටුම කිසිදු උසිගැන්වීමකින් තොරව සිදුකළ නීති විරෝධී ක්‍රියාවක් බවද ඔහු පෙන්වා දී ඇත.
ඉරානය විසින් එල්ල කරන ප්‍රතිප්‍රහාර ප්‍රධාන වශයෙන් කලාපයේ පවතින අමෙරිකානු හමුදා කඳවුරු සහ දේපළ ඉලක්ක කරගෙන සිදු කරන බවද අමාත්‍යවරයා පැවසීය.
එම ඉලක්ක අසල්වැසි රටවල භූමිය තුළ පිහිටා තිබුණද, අමෙරිකානු වත්කම්වලට පහර දීමට ඉරානය පසුබට නොවන බවද ඔහු සඳහන් කර තිබෙනවා.
මේ අතර ඉරානයේ මීළඟ උත්තරීතර නායකයා තෝරා ගැනීම පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා ඇත්තේ එය සම්පූර්ණයෙන්ම රටේ අභ්‍යන්තර කරුණක් බවයි. එම තීරණය ගනු ලබන්නේ රටේ විශේෂඥ මණ්ඩලය විසින් බවද ඔහු පැවසීය.
ඉරානයේ දේශපාලන ආයතන සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන අතර ජනාධිපතිවරයා, කැබිනට් මණ්ඩලය සහ පාර්ලිමේන්තුව සිය රාජකාරි ඉදිරියට ගෙන යමින් පවතින බවද අමාත්‍යවරයා සඳහන් කර ඇත.
තවද ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශ ප්‍රතික්ෂේප කරමින් ඔහු කියා සිටියේ, මීළඟ උත්තරීතර නායකයා තීරණය කිරීමේ අයිතිය ඇත්තේ ඉරාන ජනතාවට පමණක් බවයි.
“නව උත්තරීතර නායකයෙකු ඉක්මනින්ම විශේෂඥ මණ්ඩලය විසින් තෝරාගනු ඇත. එය ඉරාන ජනතාවට අයත් කරුණක් මිස වෙනත් කිසිවෙකුගේ කාර්යයක් නොවේ,” යනුවෙන් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

World News

Send your contact Details Today