Latest News

ඉරානයේ සිවිල් වැසියන්ට නිවෙස් තුළ රැඳී සිටින ලෙස අමෙරිකාවෙන් අනතුරු ඇඟවීමක්

Published 13 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉරානය තුළ වෙසෙන සිවිල් වැසියන්ට තම නිවෙස් තුළම රැඳී සිටින ලෙසට ඇමෙරිකානු ආරක්ෂක අංශ අනතුරු අඟවමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
මෙම අනතුරු ඇඟවීම නිකුත් කර ඇත්තේ ඇමෙරිකාවේ මධ්‍යම අණදෙන මූලස්ථානය විසින් වන අතර, ඉරාන හමුදාව ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර එල්ල කිරීම සඳහා ජනාකීර්ණ සිවිල් ප්‍රදේශ භාවිතා කරන බවට චෝදනා එල්ල කර තිබෙනවා.
ඉරාන රජයේ මෙම ක්‍රියාමාර්ග හේතුවෙන් එරට සිවිල් ජනතාවගේ ජීවිත දැඩි අවදානමකට ලක්විය හැකි බවද එම නිවේදනයේ සඳහන් වෙයි.
“හමුදා කටයුතු සඳහා භාවිතා කරන සිවිල් ප්‍රදේශවලට ජාත්‍යන්තර නීතිය යටතේ ලැබෙන ආරක්ෂාව අහිමි විය හැකි අතර, එම ස්ථාන නීත්‍යානුකූල හමුදා ඉලක්ක බවට පත්වීමේ අවදානමක් පවතිනවා,” යනුවෙන් එම ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.
මේ පිළිබඳ අදහස් දක්වමින් ඇමෙරිකාවේ මධ්‍යම අණදෙන මූලස්ථානයේ අණදෙන නිලධාරි අද්මිරාල් බ්‍රැඩ් කූපර් පවසා ඇත්තේ, ඉරානයේ පාලන තන්ත්‍රය තමන්ගේම ජනතාවගේ ආරක්ෂාව අවදානමට ලක්කරමින් ගල්ෆ් කලාපයේ රටවල් වෙත ප්‍රහාර එල්ල කරන බවයි.
ඒ අනුව සිවිල් ප්‍රදේශවලින් ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් එම ස්ථාන ඉලක්ක කිරීමට සිදුවිය හැකි බැවින්, එය පිළිබඳව පූර්ව අනතුරු ඇඟවීමක් ලෙස මෙම නිවේදනය නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

World News

Send your contact Details Today