ඉරානයට අයත් IRIS Bushehr නෞකාවේ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින් 204 දෙනෙකු නිරුපද්‍රිතව කොළඹ වරායට රැගෙන ආ බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.
එම පිරිස ආරක්ෂිත ලෙස වරායට ගෙන ඒමෙන් අනතුරුව ඔවුන් වැඩිදුර පරීක්ෂණ සහ පහසුකම් සැපයීම සඳහා වැලිසර නාවික හමුදා කඳවුර වෙත රැගෙන ගොස් ඇති බව වාර්තා වේ.
අදාළ පිරිසගේ ආරක්ෂාව සහ සුභසාධනය පිළිබඳව නාවික හමුදාව විසින් අවශ්‍ය සියලු කටයුතු සිදුකරමින් සිටින බවද සඳහන් වෙයි.