Latest News

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වර්ධනයට අගමැතිනිය හා ADB නියෝජිතයින් අතර සාකච්ඡා

Published 1 hour ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com


මාර්තු 2 වැනිදා අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේදී හරිනි අමරසූරිය අගමැතිනිය සහ Asian Development Bank (ADB) නියෝජිතයින් අතර විශේෂ හමුවක් පැවැත්විණි. එහිදී අධ්‍යාපන ක්ෂේත්‍රය සඳහා ක්‍රියාත්මක කෙරෙන මානව සම්පත් සංවර්ධන ව්‍යාපෘතිය (HRDEP) පිළිබඳව අගමැතිනිය දැනුවත් කිරීමට ADB පාර්ශවය පියවර ගත්තේය.
සාකච්ඡාව අතරතුර උසස් පෙළ අධ්‍යාපනයේ ගුණාත්මකභාවය උසස් කිරීම, විෂයමාලා සංශෝධන ක්‍රියාවලිය, අධ්‍යාපන ක්ෂේත්‍රයේ ශ්‍රම බලකායේ දක්ෂතා සහ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම මෙන්ම අධ්‍යාපන කළමනාකරණ සැලසුම් පද්ධති ශක්තිමත් කිරීම පිළිබඳ අවධානය යොමු විය.
අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඩිජිටල් පරිවර්තනය සඳහා තාක්ෂණික සහාය සහ නවීන කුසලතා සහිත මානව සම්පතක අවශ්‍යතාවය පිළිබඳව අගමැතිනිය අවධාරණය කළාය. එවැනි ක්‍රමවත් හා සවිබල ගැන්වූ පද්ධතියක් ගොඩනැගීම මඟින් ජාතික සංවර්ධනයට දායක විය හැකි ශක්තිමත් මානව සම්පතක් සකස් කිරීම රජයේ අරමුණ බවද ඇය පැවසුවාය.
රජය ක්‍රියාත්මක කරමින් පවතින අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩසටහන් සඳහා තම පූර්ණ සහාය ලබාදීමට සූදානම් බව ADB නියෝජිතයින් මෙහිදී ප්‍රකාශ කළහ. තාක්ෂණික උපදේශන සහ ජාත්‍යන්තර මූල්‍ය පහසුකම් සැපයීමටද ඔවුන්ගේ කැමැත්ත තහවුරු කෙරිණි.
මෙම හමුවට ADB නිලධාරීන් සහ තාක්ෂණික විශේෂඥයින් සමඟ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව මහතාද සහභාගී

World News

Send your contact Details Today