Latest News

හිස්බුල්ලා ඉලක්ක වෙත ඊශ්‍රායල ප්‍රහාර අඛණ්ඩව – ශ්‍රී ලාංකිකයින් 19ක් ආරක්ෂිත ස්ථාන වෙත

Published 10 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com


ඊශ්‍රායලය විසින් ලෙබනය තුළ පිහිටි Hezbollah ඉලක්ක කර ගනිමින් මේ වනවිටද ගුවන් ප්‍රහාර සිදු කරමින් පවතින බව බීරුට්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි
එම ප්‍රහාර හේතුවෙන් බීරූට්අ ගනුවර ඇතුළු ප්‍රදේශවල රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 19 දෙනෙකු ආරක්ෂිත කලාපයකට ගෙන යාමට කටයුතු කළ බව බිරූට්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කර තිබේ.
හිස්බුල්ලා සංවිධානය විසින් සිදු කළ ප්‍රහාරවලට ප්‍රතිචාරයක් ලෙස ඊශ්‍රායලය ලෙබනනය තුළ හමුදා ක්‍රියාමාර්ග ආරම්භ කර ඇති අතර, එම තත්ත්වය ඇමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානය වෙත එල්ල කළ ප්‍රහාරත් සමඟ තවදුරටත් උණුසුම් තත්ත්වයකට පත්ව ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
එම අතරතුර අද සවස නිකුත් කළ රොයිටර් පුවත් සේවයේ වීඩියෝ වාර්තාවක, බිරූට් නගරයේ දකුණු තදාසන්න ප්‍රදේශවලට අඛණ්ඩව ගුවන් ප්‍රහාර එල්ල වන අයුරු දැකගත හැකි විය.
එම ප්‍රදේශය තුළ නිරන්තර පිපිරීම් වාර්තා වී ඇති අතර, අවට ප්‍රදේශ ඝන කළු දුමාරයකින් වැසී ගොස් ඇති බවද වාර්තා වේ.
හිස්බුල්ලා බලපෑම යටතේ පවතින බිරූට් නගරයේ දකුණු තදාසන්න ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය විසින් පුළුල් ගුවන් ප්‍රහාර මාලාවක් දියත් කර ඇති අතර, ලෙබනන් රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය සඳහන් කරන්නේ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් 31 දෙනෙකු මියගොස් තවත් 149 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

World News

Send your contact Details Today