එක් අයකුට අසාධ්‍යයි
බොරැල්ල කන්නංගර විද්‍යාලයේ තාප්පයක් කඩා වැටීම හේතුවෙන් සිසුන් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
ඉන් එක් සිසුවකුගේ තත්ත්වය බරපතළ බවත් ඔහු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත් සඳහන් වේ.
පාසලේ ප්‍රතිසංස්කරණ සඳහා යොදවා තිබූ බැකෝ යන්ත්‍රයක් තාප්පයේ වැදී කඩා වැටීම හේතුවෙන් මම අනතුර සිදුවී ඇත.බැකෝ යන්ත්‍රයේ රියදුරු පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.