Latest News

රෝමයේ වෙසෙන්නන්ට කෞතුකාගාර ප්‍රවේශය නොමිලේ

Published 25 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ලොව සුප්‍රකට ඓතිහාසික නගරයක් වන ඉතාලියේ රෝම අගනුවර වැසියන්ට එරට නගර සභා කෞතුකාගාර ජාලය වසරේ සෑම දිනකම නොමිලේ නැරඹීමට අවස්ථාව ලබා දීමට රෝම නගර සභාව තීරණය කර තිබේ.

“රෝමයේ සුන්දරත්වය සැමට අයිතියි” යන තේමාව යටතේ ක්‍රියාත්මක වන මෙම වැඩසටහන මගින් රෝම වැසියන්ට තම නගරයේ උරුමය සමඟ සමීපව කටයුතු කිරීමට අවස්ථාව සැලසේ.

මෙම නව ක්‍රමවේදය යටතේ රෝමයේ පදිංචි ඕනෑම අයෙකුට තම හැඳුනුම්පත ඉදිරිපත් කිරීමෙන් නගරයේ ප්‍රධාන කෞතුකාගාර රැසකට නොමිලේ ඇතුළු විය හැකිය.

කෙසේ වෙතත්, ලොව සුප්‍රකට ට්‍රෙවී ෆවුන්ටන් (Trevi Fountain) නැරඹීමට පැමිණෙන විදේශීය සංචාරකයන් සඳහා යුරෝ 2ක (රුපියල් 650කට ආසන්න) ප්‍රවේශ ගාස්තුවක් අලුතින් හඳුන්වා දී ඇත. රෝම වැසියන්ට එය නැරඹීම තවදුරටත් නොමිලේම සිදු කළ හැකිය.

ඒ අනුව රෝම වැසියන්ට දැන් පහත දැක්වෙන ප්‍රධාන ස්ථාන ඇතුළු මධ්‍යස්ථාන රැසක් නොමිලේ නැරඹිය හැකිය:

කැපිටොලයින් කෞතුකාගාරය (Capitoline Museums)

ට්‍රේජන් වෙළඳ සංකීර්ණය (Trajan’s Market)

සර්කස් මැක්සිමස් (Circus Maximus) පුරාවිද්‍යා ප්‍රදේශය

රෝමයේ ප්‍රධාන කෞතුකාගාර (Museo di Roma)

මේ පිළිබඳව අදහස් දැක්වූ රෝමයේ නගරාධිපති රොබර්ටෝ ගුල්ටියරි (Roberto Gualtieri) ප්‍රකාශ කළේ, කෞතුකාගාරයකට ඇතුළු වීම උද්‍යානයක ඇවිදීම තරම්ම සරල, දෛනික කාර්යයක් බවට පත් කිරීම තම අරමුණ බවයි.

රෝමයේ සංස්කෘතික උපදේශක මැසිමිලියානෝ ස්මර්ගිලියෝ මෙය හඳුන්වා දුන්නේ “සමාජ සාධාරණත්වය ඉටු කිරීමක්” ලෙසිනි.

සාමාන්‍ය කෞතුකාගාර ප්‍රදර්ශන නොමිලේ වුවද, විශේෂිත තාවකාලික ප්‍රදර්ශන සහ Virtual Reality (VR) අත්දැකීම් සඳහා සුළු ගාස්තුවක් ගෙවීමට සිදුවන බවද රෝම බලධාරීන් වැඩිදුරටත් සඳහන් කරයි.

World News

Send your contact Details Today