Latest News

යුරෝපයේ TikTok තහනම් වෙයිද? – විශේෂාංග වෙනස් කරන්නැයි යුරෝපීය සංගමයෙන් දැඩි නියෝගයක්

Published 26 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

යුරෝපීය සංගමය (EU) විසින් ටික්ටොක් ආයතනය වෙත දැඩි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

ඒ, එම යෙදුමෙහි ඇති විශේෂාංග ළමයින් සහ තරුණ පිරිස් දැඩි ලෙස ඇබ්බැහි කරවන සුළු බව පවසමිනි.

පසුගිය සිකුරාදා නිකුත් කරන ලද වාර්තාවකට අනුව, ටික්ටොක් හි ඇති ඇතැම් තාක්ෂණික සැලසුම් මගින් පරිශීලකයන්ව මානසිකව ඇබ්බැහි කරවන බවට යුරෝපීය කොමිසම මූලික නිගමනයකට එළඹ ඇත.

විමර්ශන වාර්තාවට අනුව පහත විශේෂාංග ළමයින්ගේ මානසික සෞඛ්‍යයට අහිතකර ලෙස බලපාන බව හඳුනාගෙන තිබේ:

Infinite Scroll: අන්තර්ගතයන් නිමාවකින් තොරව පහළට ගලා ඒම.

Autoplay: වීඩියෝ එකින් එක ඉබේම ධාවනය වීම.

Push Notifications: නිතර නිතර පණිවිඩ එවමින් යෙදුම වෙත පරිශීලකයා පොළඹවා ගැනීම.

Personalised Algorithm: පරිශීලකයාගේ රුචිකත්වය හඳුනාගෙන, ඔවුන් කැමති දේම දිගින් දිගටම පෙන්වන ඇල්ගොරිතමය.

යුරෝපීය කොමිසමේ තාක්ෂණික අංශ ප්‍රධානී හෙන්නා විර්ක්කුනන් (Henna Virkkunen) සඳහන් කළේ යුරෝපයේ වෙසෙන බාලවයස්කරුවන් ආරක්ෂා කිරීම සඳහා ටික්ටොක් සිය සේවාවේ සැලසුම් වහාම වෙනස් කළ යුතු බවයි.

මෙම නියෝගයන් උල්ලංඝනය කළහොත්, ටික්ටොක් හි මව් සමාගම වන ByteDance හි වාර්ෂික ගෝලීය පිරිවැටුමෙන් 6% ක දඩයක් පැනවීමටද හැකියාව පවතී.

යුරෝපීය සංගමයේ ප්‍රකාශක තෝමස් රෙග්නියර් (Thomas Regnier) විසින් අනාවරණය කළ තොරතුරු අනුව වයස අවුරුදු 13-18 අතර ළමයින් මධ්‍යම රාත්‍රියෙන් පසුව වැඩිපුරම භාවිතා කරන සමාජ මාධ්‍යය වන්නේ ටික්ටොක් ය.

එමෙන්ම වයස අවුරුදු 12-15 අතර දරුවන්ගෙන් 7% ක් දිනකට පැය 4 සිට 5 දක්වා කාලයක් මෙම යෙදුම භාවිතා කරති.

කෙසේ වෙතත්, ටික්ටොක් ආයතනය මෙම චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ.

යුරෝපීය කොමිසමේ සොයාගැනීම් පදනම් විරහිත සහ වැරදි සහගත බවත්, තමන් මේ සම්බන්ධයෙන් නීතිමය වශයෙන් අභියෝග කරන බවත් එම සමාගමේ ප්‍රකාශකයෙකු පැවසීය.

World News

Send your contact Details Today