මෝදර, ‘හෙළමුතු සෙවන’ නිවාස සංකීර්ණයේ ඉහළ මහලකින් ගැලවී වැටුණු කොන්ක්‍රීට් කොටසක් වැදීමෙන් බරපතළ තුවාල ලබා සිටි හත් හැවිරිදි පිරිමි දරුවෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.
කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙම දරුවා මියගොස් ඇති බව වාර්තා වේ.
පොලිසිය සඳහන් කළේ මෙම දරුවා තම මිත්තණිය සමඟ නිවාස සංකීර්ණය අසල පිහිටි වෙළඳසැලක් අසල රැඳී සිට ඇති අවස්ථාවේදී නිවාස සංකීර්ණයේ 7 වන මහලේ පිහිටි සිමෙන්ති පියස්සක (Ceiling) කොටසක් හදිසියේම ගැලවී දරුවාගේ හිස මතට වැටී තිබෙන බවයි.
අනතුරින් බරපතළ තුවාල ලැබූ දරුවාව වහාම කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ ද, ඔහුගේ ජීවිතය බේරා ගැනීමට වෛද්‍යවරුන්ට හැකි වී නැත.
මෙම කොන්ක්‍රීට් තට්ටුව කඩා වැටීමට හේතුව නිවාස සංකීර්ණයේ පවතින දුර්වල නඩත්තුව ද නැතිනම් වෙනත් ඉදිකිරීම් දෝෂයක් ද යන්න පිළිබඳව මෝදර පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.