Latest News

“ඕලුගල සර්” හදිසියේම කොළඹ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ හේතුව මෙන්න

Published 3 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

සහකාර පොලිස් අධිකාරී (ASP) රොහාන් ඕලුගල මහතා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.

ඒ හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන්.

පසුගිය ජනවාරි 30 වැනිදා රාත්‍රියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහු ප්‍රථමයෙන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලීය රෝහල වෙත ඇතුළත් කර තිබුණි.

එහිදී ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතාව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් පරිදි විශේෂ වෛද්‍ය කණ්ඩායමකගේ පරීක්ෂාවට ලක් කර ඇත.

එම වෛද්‍ය නිර්දේශ මත වැඩිදුර ප්‍රතිකාර ලබාදීම සඳහා රොහාන් ඕලුගල මහතාව කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යැවීමට පියවර ගැනිණි.

කෙසේවෙතත් මේ වන විට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන සහකාර පොලිස් අධිකාරීවරයාගේ සෞඛ්‍ය තත්ත්වය ඉතා යහපත් මට්ටමක පවතින බවයි රෝහල් ආරංචිමාර්ග පැවසුවේ.

World News

Send your contact Details Today