Latest News

ගාල්ල බන්ධනාගාරයේ සිර මැදිරි කිහිපයකින් ජංගම දුරකථන සහ හෙරොයින් මතුවෙයි

Published 3 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ගාල්ල බන්ධනාගාරයේ සිදුකළ හදිසි මෙහෙයුමකදී සිරමැදිරි තුළ සඟවා තිබූ ජංගම දුරකථන, සිම්පත් සහ මත්ද්‍රව්‍ය තොගයක් බන්ධනාගාර නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.

බන්ධනාගාර බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව මෙම සෝදිසි මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත.

හමු වූ භාණ්ඩ සහ මත්ද්‍රව්‍ය බන්ධනාගාරයේ A, B, C සහ D යන සිරමැදිරි පරීක්ෂාවට ලක් කිරීමේදී අයිතිකරුවන් නොමැතිව තිබූ ජංගම දුරකථන 19ක්, සිම්පත් (SIM Cards) 11ක්, හෙරොයින් මත්ද්‍රව්‍ය කුඩා පැකට් 58ක් සහ හෙරොයින් බවට සැක කෙරෙන තවත් එක් පැකට්ටුවක් සොයාගැනීමට නිලධාරීන් සමත් විය.

ඒ අනුව සොයාගනු ලැබූ දුරකථන සහ උපාංග දැනට බන්ධනාගාර අධිකාරීවරයාගේ භාරයට ගෙන ඇති අතර, බන්ධනාගාර මූලස්ථානය ලබාදෙන උපදෙස් මත ඉදිරි විමර්ශන කටයුතු සිදු කිරීමට නියමිතය.

එමෙන්ම, සොයාගත් මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර පරීක්ෂණ සඳහා ගාල්ල පොලිස් ස්ථානය වෙත භාරදීමට බන්ධනාගාර බලධාරීන් පියවර ගෙන තිබේ.

සිරමැදිරි තුළට මෙම තහනම් ද්‍රව්‍ය රැගෙන ආ ආකාරය පිළිබඳව බන්ධනාගාර දෙපාර්තමේන්තුව අභ්‍යන්තර පරීක්ෂණයක් ද ආරම්භ කර ඇත.

World News

Send your contact Details Today