Latest News

ඓතිහාසික දෙව්නිමෝරි භූමියෙන් හමු වූ සර්වඥ ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය අද සිට කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී

Published 2 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකාවේ 78 වන නිදහස් දින සැමරුමට සමගාමීව, ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ ඓතිහාසික දෙව්නිමෝරි භූමියෙන් හමු වූ සර්වඥ ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය අද (05) සිට කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී ආරම්භ විය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ මෙම ප්‍රදර්ශනය පෙබරවාරි 11 වනදා දක්වා පුරා දින 7ක් පැවැත්වීමට නියමිතය.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ උපන් ගම වන ගුජරාට් ප්‍රාන්තයේ දෙව්නිමෝරි ප්‍රදේශයේ 1960 දශකයේ සිදු කළ කැණීම්වලදී මෙම සර්වඥ ධාතූන් වහන්සේලා සොයාගෙන ඇත.

ක්‍රිස්තු වර්ෂ 2 වන සහ 3 වන සියවස්වලට අයත් බෞද්ධ ස්ථූපයකින් මෙම ධාතූන් වහන්සේලා හමුවී තිබේ.

මෙහි ඇති සුවිශේෂීත්වය වන්නේ, එම ස්ථූපයෙන් හමුවූ කරඬුවේ බ්‍රාහ්මී අක්ෂරවලින් සහ සංස්කෘත භාෂාවෙන් මේවා බුදුරජාණන් වහන්සේගේ ශරීර ධාතූන් බව සටහන් කර තිබීමයි.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ පැවැති සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස ඉන්දීය රජයේ පූර්ණ අනුග්‍රහය ඇතිව මෙම වැඩසටහන සංවිධානය කෙරිණි.

මේ පිළිබඳව අදහස් දැක්වූ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා සඳහන් කළේ, බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතූන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කරවීමට ලැබීම මහත් භාග්‍යයක් බවයි.

මෙම සර්වඥ ධාතූන් වහන්සේලා ඉන්දියාවෙන් බැහැර රටකට වැඩම කර වූ ප්‍රථම අවස්ථාව මෙය වන අතර, එය ශ්‍රී ලාංකික ජනතාවට ලැබුණු ඉතා දුර්ලභ අවස්ථාවකි.

World News

Send your contact Details Today