සිංගප්පූරු ගුවන් ප්‍රදර්ශනයේදී චීනයේ කොමැක් (COMAC) සමාගම ලොව අවධානය දිනාගැනීමට සමත්ව තිබේ.
ඒ බෝයිං සහ එයාර්බස් සමාගම් සතු ඒකාධිකාරයට අභියෝග කරමින්.
චීනය නිෂ්පාදනය කළ C919 මගී ජෙට් යානය ප්‍රථම වරට චීනයෙන් පිටතදී ප්‍රදර්ශනය කිරීම මෙයට හේතුවයි.
ඒ අනුව බෝයිං සහ එයාර්බස් වලට අභියෝගයක්: චීනයේ C919 යානය නිපදවා ඇත්තේ ලොව ප්‍රමුඛතම යානා වන එයාර්බස් A320neo සහ බෝයිං 737 MAX සමඟ තරඟ කිරීමටයි.
කොමැක් සමාගම වැඩි වශයෙන් අවධානය යොමු කරන්නේ අග්නිදිග ආසියාව කෙරෙහි ය.
දැනටමත් ලාඕසය, ඉන්දුනීසියාව සහ වියට්නාමය වැනි රටවල් මෙම යානා භාවිතය ආරම්භ කර ඇත.
දැනට ලොව පුරා ගුවන් යානා නිෂ්පාදනයේ පවතින ප්‍රමාදයන් සහ සැපයුම් දාම බාධක නිසා, ගුවන් සමාගම් වලට නව යානයක් ලබා ගැනීමට වසර 7ක් පමණ බලා සිටීමට සිදුව ඇත. මේ නිසා බොහෝ සමාගම් විකල්පයක් ලෙස චීන යානා දෙස හැරෙමින් පවතී.
කෙසේවෙතත් ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමය (IATA) පවසන්නේ ඉදිරි වසර 10-15 ඇතුළත කොමැක් සමාගම ලෝකයේ ප්‍රබල තරඟකරුවෙකු වනු ඇති බවයි.