මේ මස 6 වැනිදාට NASA ආයතනය විසින් සැලසුම් කර තිබූ ආටෙමිස් 2 (Artemis 2) සඳ මෙහෙයුම මාර්තු දක්වා කල් දැමීමට පියවර ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ හයිඩ්‍රජන් කාන්දුවක් හේතුවෙන් බවයි එම මාධ්‍ය වාර්තා පවසන්නේ.
ඊයේ දිනයේ කළ තීරණාත්මක ඉන්ධන පිරවීමේ පරීක්ෂණයකදී මතු වූ කාර්මික දෝෂයක් මෙයට මූලික හේතුව වී ඇති බවයි වාර්තාවන්නේ.
ඒ අනුව නාසා ආයතනයට පවසන්නේ මීළඟ දියත් කිරීමේ අවස්ථාව මාර්තු 6 වැනිදා සහ 11 වැනිදා අතර කාලය තුළ සිදුකිරීමට සැලසුම් කර ඇති බවයි.
ආටෙමිස් 2 (Artemis 2) යනු වසර 50කට පසු සඳ වටා ගගනගාමීන් රැගෙන යන පළමු මෙහෙයුමයි.