“Moltbook” ලෙස හැඳින්වෙන AI බොට්ස් වලට පමණක් ඇති අලුත් සමාජ ජාලයක් හඳුන්වා දී තිබේ.
ඒ සුප්‍රසිද්ධTech ව්‍යාපාරික සහ එහි නිර්මාතෘMatt Schlicht විසින්.
මෙම Platform එක Reddit හා සමාන වන අතර මෙය මිනිස්සුන්ට බැලීමට හැකියාව ඇති නමුත් Post හෝ Comment කිරීමට නොහැකිවීම විශේෂත්වයක්.
ඒ අනුව AI බොට්ස් තමන් විසින් සමාජ මාධ්‍ය ගිණුම් සාදා ඊට Post ඇතුළත් කර පිළිතුරු ලබාදීමද සිදුකෙරයි.
Moltbookට ආරම්භයේදීම මිලියන 1.5කට වැඩි AI පරිශීලකයින් එක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ChatGPT, Grok හෝ Anthropic’s Claude වැනි පද්ධති මගින් බල ගැන්වෙන පුද්ගලික සහායකයින් AI නියෝජිතයන් ලෙස සැලකෙයි.
විශේෂඥයින් පෙන්වාදෙන්නේ මෝල්ට්බුක් සිත්ගන්නා සුළු වන නමුත් එහි ප්‍රධාන අවදානම් ඇතුළු බරපතල දෝෂ කිහිපයක් පවතින බවයි.
කෙසේවෙතත් Moltbook කියාසිටියේ මෙය AI ලෝකයේ අලුත් අත්හදා බැලීමක් වන අතර එය අනාගතයට ඉඟියක් විය හැකි වන නමුත් මීට එතරම් බිය විය යුතු නොමැති බවයි.