ත්‍රිකුණාමලය සහ මුලතිව් අතර මුහුදේ ප්‍රදේශයේ දී අද (31) පස්වරු 03.49ට පමණ සුළු භූකම්පන තත්ත්වයක් හටගෙන ඇති බව භූ විද්‍යා හා පතල් කාර්යාංශය පවසයි.
ඒ අනුව මෙම භූ කම්පනය මැග්නිටියුඩ් ඒකක 03.5ක් ලෙස සටහන් වූ බවයි භූ විද්‍යා හා පතල් කාර්යාංශය සඳහන් කළේ.
කෙසේවෙතත් මෙම භූ කම්පනය හේතුවෙන සුනාමි අවදානමක් නොමැති බවත් එම කාර්යාංශය පැවසුවේය.