Latest News

ජින්තුපිටිය වෙඩිල්ලේ සැකකරුවෙකු අත්අඩංගුවට

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ජින්තුපිටිය ප්‍රදේශයේදී පසුගිය 16 වැනිදා වෙඩි තබා පුද්ගලයෙක් ඝාතනය කර දරුවන් දෙදෙනෙක්ට තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ ඊයේ (29) දින දහවල් හෙට්ටියාවත්ත ප්‍රදේශයේදී කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් විසින්.

සැකකරු අවුරුදු 63 ක් වන කොළඹ 13 ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඒ අනුව ඝාතනය සිදු කිරීමට අදාළව ගිනි අවි සඟවා බැහැර කළ අපරාධයට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් මෙම සැකකරු ත්‍රීරෝද රථයක්ද සමඟ අත්අඩංගුවට ගෙන වෙරළබඩ පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරු අද (30) අළුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර වෙරළබඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

World News

Send your contact Details Today