ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සේන සමරසිංහ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
මිය යනවිට ඔහු 89 වියෙහි පසුවිය.
1937 නොවෙම්බර් 25 වැනි දින කෑගල්ලේ ප්‍රදේශයේ රන්දෙණිය ග්‍රාමයේ දී නන්දසේන සමරසිංහ නමින් උපත ලද ඔහු ජනප්‍රිය චිත්‍රපට නළුවකු වන බන්දු සමරසිංහගේද ඥාතියෙකු වෙයි.
ඔහුගේ සිනමා ගමන් මගේ ආරම්භයය ලෙස 1973 දී මිල්ටන් ජයවර්ධන මහතා සමග සදහටම ඔබ මගේ චිත්‍රපටය නිෂ්පාදනය කිරීම දැක්විය හැකිය. බන්දු සමරසිංහ මහතා මෙම චිත්‍රපටයෙන් විකට නළුවෙකු ලෙස දොරට වැඩීම සිදුවිය.
එහිදී ගාමිණී, මාලීනී, ජෝ අබේවික්‍රම, සෝනියා වැනි සිනමාවේ ජනප්‍රිය සිනමා නළුනිළියන් යොදා ගනිමින් විශිෂ්ඨ ලෙස නිර්මාණය කරන ලදී.
එම චිත්‍රපටය තුලින් සිංහල සිනමාවට ස්වතන්ත්‍ර ගී තනු නිර්මාණය කරන තවත් විශිෂ්ට සංගීතවේදීයෙකු වන සරත් දසනායකයන්ව හඳුන්වා දුන්නේ ද මෙතුමා ය.
සේන සමරසිංහයින් සදහටම ඔබ මගේ චිත්‍රපටය නිෂ්පාදනය කිරීමෙන් පසුව 1974 දී කස්තුරි සුවඳ චිත්‍රපටය තුළින් සිනමා අධ්‍යක්ෂකවරයෙකු බවට පත් විය. එයද ජනප්‍රිය සිනමාව තුල වාර්තා පිහිටුවීමට සමත් වූ චිත්‍රපටයක් විය.