Latest News

රනිල් අද උසාවි යයි

Published 3 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව අද (28) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදී යළි කැඳවීමට නියමිතව තිබේ.

ඒ රුපියල් ලක්ෂ 166ක මහජන මුදල් යොදාගෙන පුද්ගලික විදෙස් සංචාරයක නිරත වීමේ චෝදනාවට අදාළවයි.

මෙම නඩුවේ විමර්ශන මාසයක් තුළ අවසන් කර ඉහළ අධිකරණයක් හමුවේ නඩු පවරන බව, අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් 2025 නොවැම්බර් 19 වැනිදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

ඒ විදෙස්ගත වීමට අවසර ඉල්ලමින්, හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක, සිය නීතිඥවරු මාර්ගයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර තිබූ මෝසම එදින කැඳවූ අවස්ථාවේදීයි.

මෙම විමර්ශනයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට එංගලන්තයේදී ප්‍රකාශ කිහිපයක්ද ලබාගෙන තිබේ.

World News

Send your contact Details Today