හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය අද (27) පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට (FCID) කැඳවා තිබේ.
ඒ මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරය දැරූ කාලය තුළ “සිරිලිය” නමින් ක්‍රියාත්මක වූ ගිණුමක් සම්බන්ධයෙන් සිදුකෙරෙන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන සම්බන්ධවයි.
කෙසේවෙතත් ඇය පුද්ගලික හේතූන් මත තමන්ට අද (27) දින මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) හමුවේ පෙනී සිටීමට නොහැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ සිය නීතිඥ කණ්ඩායම මාර්ගයෙන් දැනුම් දී තිබේ.
පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සඳහන් කළේ, ප්‍රශ්න කිරීම් සඳහා පෙනී සිටීමට පෙර තමන්ට සති දෙකක සහන කාලයක් ලබා දෙන ලෙස ඇය ඉල්ලා සිටින බවයි.
මේ අතර සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන “කෙහෙල්බද්දර පද්මේ” සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඊයේ (26) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) කැඳවා තිබුණි.
කෙසේ වෙතත් ඔහු දැනට ඉන්දියාවේ නිල සංචාරයක යෙදී සිටින බැවින්, පෙනී සිටීම සඳහා සතියක දීර්ඝ කිරීමක් ඉල්ලා ඇති බව පොලිසිය තහවුරු කළේය.