Latest News

හෙළයේ ගීත කෝකිලාවිය ජිවන වේදිකාවෙන් බැස යයි

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

හෙළයේ ගීත කෝකිලාවිය ලෙස විරුධාවලි ලත් කලාශූරී ලතා වල්පොල මහත්මිය අද (27) අභාවප්‍රාප්ත වී තිබේ.

ඇය මියයන විට 91 වන වියේ පසුවිය.

ඒ කොළඹ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුරයි.

වර්ෂ 1934 දී ගල්කිස්සේ දී උපත ලැබූ ලතා වල්පොල මහත්මිය 1946 වසරේ දී එවක රේඩියෝ සිලෝන් හි තම පළමු ගායනය ඉදිරිපත් කරන්නේ, වයස අවුරුදු 12ක පුංචි දැරියක් ලෙසයි.

ඇය දශක අටකට වැඩි කාලයක් සිංහල සිනමාවේ පසුබිම් ගායනයට සහ සංගීතයට කළ මෙහෙවර අතිමහත්.

 ලතා වල්පොල චිත්‍රපට 600 කට අධික සංඛ්‍යාවකට සිය හඬ දායකත්වය ලබා දී ඇති ඇය, මෙරට සංගීත ක්ෂේත්‍රයේ ජීවමාන පුරාවෘත්තයක් ලෙස හඳුන්වාදීමට පුළුවන්.

දෙස් විදෙස් සම්මාන රැසකින් පිදුම් ලබා ඇති ඇය, ගායන ලොව තුළ නොමැකෙන චරිතයක් වන අතර, ඇගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම්දීමට නියමිත බවයි පවුලේ ඥාතීන් පවසන්නේ.

World News

Send your contact Details Today