දෙදින සංචාරයක් සඳහා ජෝර්දානයට ගිය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට, ජෝර්දාන රජ පවුලෙන් උණුසුම් පිළිගැනීමක් හිමිවිය.
මෝදි පිළිගනු ලැබුවේ, ජෝර්දානයේ දෙවැනි අබ්දුල්ලා රජුථ රානියා රැජින සහ ජෝර්දානයේ කිරුළ හිමි දෙවැනි අල් හුසේන් බින් අබ්දුල්ලා කුමරුන් විසිනි.
ජෝර්දාන සංචාරය අතරතුරේ, ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අම්මාන් අරැනුවර රාස් අල් ඉන් දිස්ත්‍රික්කයේ පිහිටි ජෝර්දානයේ විශාලතම කෞතුකාගාරය නැරැඹීමට ද ගියේය. ඒ දෙවැනි අල් හුසේන් බින් අබ්දුල්ලා කුමරු සමඟය.
දෙවැනි අල් හුසේන් බින් අබ්දුල්ලා කුමරු, ජෝර්දානයේ ඔටුන්න හිමි කුමරු ලෙස නම් කෙරුණේ 2009 වසරේදීය.
ඔහු උපත ලබා ඇත්තේ 1994 වසරේදීය. කුමරු ජොර්ජ් ටවුන් විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලබාගෙන ඇති අතර, එක්සත් රාජධානියේ රාජකීය හමුදා ඇකඩමියෙන් හමුදා පුහුණුව ලබා ඇත.
දෙවැනි අල් හුසේන් බින් අබ්දුල්ලා කුමරු සිය බී.එම්.ඩබ්ලිව්. මෝටර් රථයෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පෞද්ගලිකව කෞතුකාගාරයට රැගෙන ගියේ, එම රිය පදවාගෙනය.
අග්‍රාමාත්‍ය මෝදි ඉදිරිපස අසුනේ අසුන් ගෙන සිටියේය. මෙය ඉන්දීය මාධ්‍යවලත්, සමාජ මාධ්‍යවලත් දැඩි ලෙස කතාබහට ලක්වුණු සිදුවීමක් විය.
ජෝර්දානය මැදපෙරදිග රාජයයකි. සිරියාවට, සෞදියට, ඊජිප්තුවට, ඊශ්‍රායලයට සහ පලස්තීන බටහිර ඉවුරට මායිම් වෙයි. ඉන්දියාව, ජෝර්දානයේ තෙවැනි විශාලතම වෙළෙඳ හවුල්කරුය.
ජෝර්දාන සංචාරය අවසන් කිරීමෙන් පසු මෝදි ඉතියෝපියාවටත්, ඕමානයටත් යෑමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.