Latest News

බලු­කි­ස්තා­න බලධාරීන්ගේ ක්‍රියාවක් නිසා එරට ප්‍රාන්ත රැසක් ලෝකයෙන් හුදෙකළා වෙයි

Published 1 hour ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

නිරි­ත­දිග පාකි­ස්තා­නයේ, බලු­කි­ස්තාන ප්‍රාන්තයේ නගර රැසක අන්ත­ර්ජාල සබ­ඳතා අත්හි­ටු­වී­මට ප්‍රාන්ත බල­ධා­රීන් පිය­වර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ආර­ක්ෂාව සැල­කි­ල්ලට ගෙන බලු­කි­ස්තා­නයේ ක්වේටා අග­නු­වර ඇතුළු නගර රැස­කට මේ තහ­නම බලා­ත්මක කිරී­මෙන් නග­ර­වා­සීන්ට සිය රාජ­කාරි කට­යුතු සඳහා මෙන්ම සිසු­සි­සු­වි­යන්ට අධ්‍යා­ප­නික කට­යුතු සඳහා දැඩි බල­පෑම් එල්ල වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරයි.

බලු­කි­ස්තාන සන්නද්ධ කණ්ඩා­යම් සහ රජයේ හමු­දාව අතර මෑතකාලයේ උත්සන්න වූ ගැටුම් සහ පසු­ගිය සතියේ දිනක් ඇතු­ළත ආර­ක්ෂක අංශ ඉලක්ක කර­ගත් බෝම්බ පිපි­රිමේ සිදු­වීම් 7ක් වාර්තා වීම එම ප්‍රාන්තයේ අන්ත­ර්ජාල සබ­ඳතා අත්හි­ටු­වී­මට හේතු වී ඇතැයි විදෙස් මාධ්‍ය සඳ­හන් කරයි.

එම ප්‍රහා­ර­ව­ලදී පොලිස් සහ හමුදා ජංගම මුර සංචා­රක රථ රැසක් විනාශ වූ බව ද වාර්තා වේ.

ගැටුම් උත්සන්න වීම හේතු­වෙන් මීට පෙර අවස්ථා ගණ­නා­ව­ක­දීම බලු­කි­ස්තා­නයේ නගර රැසක අන්ත­ර්ජාල සබ­ඳතා කපා හැරී­මට ප්‍රාන්ත බල­ධාරීන් පිය­වර ගත් බව ද වාර්තා වේ.

World News

Send your contact Details Today