Latest News

පාප්වහන්සේ විශේෂ යාඥාවක නිරත වෙයි

Published 3 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ලෙබනනයේ තෙදින නිල සංචාරයක යෙදෙන ශුද්ධෝත්තම 14 වැනි ලියෝ පාප්තුමන්, බේරූට් අගනුවර වරායට ගොස්, 2020 වසරේ දී, එම වරායේ සිදුවුණු මහා පිපිරුමෙන් මියගිය සහ තුවාල ලැබූවන් වෙනුවෙන් විශේෂ යාඥාවක් පැවැත්වීය.

බේරූට් වරායේ එම ඛේදවාචකයට හේතුව වූයේ පෙහොර කම්හලක් පිපිරිමෙනි.

පිපිරීමෙන් මරණයට පත්වුණු 220 දෙනාත්, තුවාල ලැබූ 6,500 දෙනාත් සිහි කරමින්, පාප්තුමන් වරායේ ඇති ස්මාරකයේ පහනක් ද දැල්වීය.

ඒ අනුව, පාප්තුමන්ගේ සිය පළමු විදෙස් සංචාරය ද අවසන් වූ අතර, උන්වහන්සේ යළි වතිකානය බලා ගුවන්ගත වුණු බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

World News

Send your contact Details Today