එංගලන්ත පිරිමි කණ්ඩායම වසර 58 කට පසු ඔවුන්ගේ පළමු ප්‍රධාන කුසලානය ලබා ගැනීමේ අරමුණින් අද තරග වදිනවා.
එංගලන්තය ස්පාඤ්ඤය සමඟ ක්‍රීඩා කරන ආකාරය නැරඹීම සඳහා වේල්ස් කුමරු අද බර්ලිනයේ පැවැත්වෙන යුරෝ 2024 අවසන් මහා තරගයට සහභාගී වන බවයි කෙන්සිංටන් මාලිගය තහවුරු කර ඇත්තේ.
විලියම් කුමරු සමඟ බ්‍රිතාන්‍ය අගමැති ශ්‍රීමත් කීර් ස්ටාර්මර් ද මෙම තරග නැරඹීමට එක්වනු ඇති.
විලියම් කුමරු පාපන්දු සංගමයේ සභාපති වන අතර, ඩෙන්මාර්කය සමඟ පැවති අර්ධ අවසන් පූර්ව තරගයේදී සහ කණ්ඩායම් අදියරේ තරගයේදී ස්විට්සර්ලන්තයට එරෙහිව එංගලන්තයේ ජයග්‍රහණය නැරඹීමට සහභාගි වුණා.
විලියම් කුමාරයාගේ පිය රජු ද අවසන් පූර්ව වටයේ ජයග්‍රහණයට එංගලන්තයට සුබ පතා ඇති අතර ඉරිදා තරගය සඳහා ද ඔහුගේ “සුබ පැතුම්” පළ කර තිබෙනවා.