Latest News

රිදියගම ඉපදුණු අලුත් යහළුවන් හතර දෙනෙක් මහජන ප්‍රදර්ශනයට (PHOTOS)

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

රිදියගම සෆාරි උද්‍යානයේ ”ඩෝරා ” නැමති සිංහ ධේනුව විසින් බිහිකළ මාස හතරක පමණ වයස සිංහ පැටවුන් සිවු දෙනෙකු මහජන ප්‍රදර්ශනයට තබන බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්දන රාජපක්ෂ මහතා කියා සිටියේය.

මෙම පැටවුන් දෙදෙනා බිහිකළ ‘’ඩෝරා ’’ සිංහ දෙනුව විසින් අවස්ථා දෙකකදී පැටවුන් 8 දෙනෙකු බිහිකර තිබේ.

ඒ අනුව අද වන විට මෙම සිංහ පැටවුන්ද සමග රිදියගම සෆාරි උද්‍යානය තුළ සිංහයින් ගේ සංඛ්‍යාව 31ක් දක්වා වැඩි වී තිබේ.

විශේෂයෙන්ම මේ අතර ”ලාරා ” නැමති සිංහ ධේනුව විසින් බිහිකළ පළමු සිංහ පැටවා වන ”ඩෝරා” නමැති සිංහ පැටවා පසුගිය කාලයේදී බොහෝ දෙනෙකුගේ ආදරය දිනාගැනීමට සමත් වූ විය

මිට අමතරව රිදියගම සෆාරි උද්‍යානයේ තවත් සිංහ ධේනුවක් විසින් පැටවුන් තිදෙනෙකු බිහිකර ඇති අතර එම පැටවුන් මේ වනවිට මාස දෙකක පමණ වයස්වල පසුවේ.

එමෙන්ම සතියේ සෑම දිනකම මෙම සිංහ පැටවුන් සිවු දෙදෙනා සීමිත කාලයක් විටින් විට මහජන ප්‍රධාර්ශනයට එක්කිරිමටද කටයුතු යොදා තිබෙන බව රිදියගම සෆාරිඋද්‍යානයේ භාරකරු සහකාර අධ්‍යක්ෂක හේමන්ත සමරසේකර මහතා කියා සිටියේය.

World News

Send your contact Details Today