Latest News

අයහපත් කාලගුණයෙන් නුවර එළිය යටවෙයි – දකුණ සහ බස්නාහිර පළාත් යා කෙරෙන පාළමට හානි

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකාවට පවතින අධික වර්ෂාව හේතුවෙන් නුවරඑළිය නගරය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවී ඇති බව වාර්තා වේ.

එසේම නගරයෙන් පිටවන මාර්ගවලට පස් කඩාවැටීම් හේතුවෙන් ගමනාගමනයටද බාධා එල්ලවී තිබේ.

මේ නිසා නුවරඑළියේ සංචාරය කළ බොහෝ පිරිස්ද නගරය අවට නවතන්පොළවල සිරව ඇතැයි වාර්තා සඳහන් කරයි.

මේ අතර බෙන්තර ගඟ හරහා ඉදිකර තිබූ ඉපැරණි පාලම ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ කඩා වැටී තිබේ.

1902 දී පමණ ඉදිකර ඇති මෙම පාලම ගාලු පාරේ බස්නාහිර පාළාත හා දකුණු පාළාත යාකරන ප්‍රධාන ස්ථානයක්.

බෙන්තර නව පාලම ඉදිකිරීමෙන් අනතුරුව මෙම ඉපැරණි බෙන්තර පාලම එම ස්ථානයෙන් ඉවත් නොකොට අබලන් තත්ත්වයේ පැවතුණා.

මෙම පාලම කඩා වැටීමෙන් කිසිදු පුද්ගලයෙකුට හානියක් සිදුව නොමැති බව ද වාර්තා වේ.

World News

Send your contact Details Today