Latest News

තායි රාජා සහ කණ්ඩුල හස්ථියාගේ සෞඛ්‍ය තත්ත්වය ගැන වාර්තාවක්

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

දළදා මාළිගාව භාරයේ සිටින තායි රාජා සහ කැළණිය රජමහා විහාරය භාරයේ සිටින කණ්ඩුල හස්ථියාගේ සෞඛ්‍ය තත්ත්වය හා පෝෂණය පිළිබඳ විමර්ශනයට පත් කළ කමිටුවේ වාර්තාව පරිසර අමාත්‍යංශට භාර දී තිබේ.

තායිලන්ත පරිත්‍යාගයක් ලෙස ලැබුණු එම ඇතුන් දෙදෙනා සම්බන්ධයෙන් එරට රජය යම් විමසීමක් කළ හොත් ලබාදීම සඳහා එම වාර්තාව සකස් කළ බව නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි සඳහන් කළේ ය.

වන ජීවි දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවරුන් හා සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවරුන් සිව් දෙනෙකුගේ සහභාගිත්යෙන් එම වාර්තාව සකස් කෙරුණි.

නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ එම ඇතුන් දෙදෙනාගේ තත්වය පිළිබඳ විමසීමට තායිලන්ත පරිසර අමාත්‍යවරයා මේ සතියේ ශ්‍රී ලංකාවට පැමිණෙන බවට දැනුම් දී තිබුණද මේ වනවිට එම සංචාරය කල් දමා ඇති බවය.

World News

Send your contact Details Today