Latest News

දිල්ලියේ කාර්යාල සේවකයින්ට නිවසේ සිට සේවය කිරීමට අවස්ථාව

Published 9 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉන්දියාවේ දිල්ලි අගනුවර වායු දූෂණ මට්ටම තවදුරටත් ඉහළ යාම හමුවේ කාර්යාල සේවකයින්ට නිවසේ සිට සේවය කිරීමට අවස්ථාව හිමිව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දිල්ලි නගරයේ වායු දූෂණය ඉහළ යාමත් සමග නගරයේ රජයේ හා පෞද්ගලික කාර්යාලයන්හි සේවා මුර ක්‍රමය ක්‍රියාත්මක කර තිබේ.

ඒ අනුව කාර්යාල සේවකයින්ගෙන් සියයට 50ක් නිවසේ සිට රැකියාව සිදුකළ යුතු බවටයි වායු තත්ත්ව කළමනාකරණ කොමිසම නිර්දේශ කර ඇත්තේ.

වායු දූෂණය හමුවේ රෝගාබාධ ඉහළයාම වැළැක්වීමේ අරමුණෙන් මෙම පියවර ගෙන තිබේ.

එමෙන්ම දිල්ලි පාසල් සදහා ද සීමා පනවා ඇති අතර පාසල් දරුවන් එළිමහනේ ක්‍රීඩා කිරීමෙන් වැළකිය යුතු බවටයි නීති පනවා ඇත්තේ.

World News

Send your contact Details Today