Latest News

ඉන්දි­යාව සහ ඇෆ්ග­නි­ස්තා­නය අතර පළමු වරට සිදු කරන දේ මෙන්න

Published 11 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉන්දි­යාව සහ ඇෆ්ග­නි­ස්තා­නය අතර වෙළෙඳ සබ­ඳතා ඉහළ නැංවීම අර­මුණු කර­මින් දෙරට අතර සෘජු භාණ්ඩ ප්‍රවා­හන ගුවන් සේව­යක් ආරම්භ කිරී­මට සැලසුම් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දැන­ට­මත් අමෙ­රි­කානු ඩොලර් බිලි­ය­න­යක වාර්ෂික වෙළෙඳ ගනු­දෙ­නු­වක් සිදු­වන මේ දෙරට අතර වෙළෙඳ සබ­ඳතා තව­දු­ර­ටත් ශක්ති­මත් කිරී­මට ඒකා­බද්ධ වෙළෙඳ කමි­ටු­වක් පත් කිරී­මට ද ඉන්දීය සහ ඇෆ්ග­නි­ස්තාන නියෝ­ජි­ත­යන් එක­ඟ­තා­වට පැමිණ ඇතැයි විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරයි.

එම තීර­ණය ගෙන ඇත්තේ ඇෆ්ග­නි­ස්තා­නයේ කර්මාන්ත සහ වාණිජ ඇමැති නූර්දීන් අසී­සිගේ පස්දින ඉන්දීය සංචා­ර­යේදී බවත්, ඇෆ්ග­නි­ස්තාන වාණිජ ඇමැ­ති­ව­රයා සහ ඉන්දීය විදේශ කට­යුතු ඇමැති සහ වාණිජ කට­යුතු ඇමැති සමඟ පැවති ද්විපා­ර්ශ්වික සාක­ච්ඡා­වේදී තවත් තීන්දු රැසක් ගෙන ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දි­යාව සමඟ වෙළෙඳ සබ­ඳතා ශක්ති­මත් කිරී­මට ඇෆ්ග­නි­ස්තා­නයේ අව­ධා­නය යොමු වී ඇත්තේ පාකි­ස්තා­නය සමඟ උද්ගත වූ දේශ­සීමා යුද ගැටුම් හේතුවෙන් පසු­ගිය මාස 3 ඇතු­ළත එරට ව්‍යාපා­රික කට­යු­තු­ව­ලට දැඩි බල­පෑම් එල්ල වීම සැල­කි­ල්ලට ගනි­මින් බව ද වාර්තා වේ.

World News

Send your contact Details Today