Latest News

ඊශ්‍රායලයෙන්, වෛද්‍ය විද්‍යාවේ පෙරළියක් සමඟින් ප්‍රථමවරට සිදු කළ දේ

Published 22 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ලොව ප්‍රථම වරට 3D ජෛව-මුද්‍රිත කොර්නියාවක් (3D-Bioprinted cornea) ඊශ්‍රායලයේදී සාර්ථකව රෝගියෙකුට බද්ධ කර තිබේ.

දරුණු දෘශ්‍යාබාධයකින් පෙළුණු කාන්තාවකට මිනිස් පටක පරිත්‍යාග කිරීම වෙනුවට ජෛව මුද්‍රණ තාක්‍ෂණය හරහා සම්පූර්ණයෙන්ම නිපදවන ලද customized කළ කෝනියාවක් බද්ධ කිරීම ඊශ්‍රායල වෛද්‍යවරුන් විසින් සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

Haifaහි Rambam වෛද්‍ය මධ්‍යස්ථානයේ සිදු කරන ලද මෙම සැත්කමට, ජෛව තාක්‍ෂණ සමාගමක් වන Precise Bio විසින් රසායනාගාරයක සංවර්ධනය කරන ලද කෝනියාවක් භාවිතා කර තිබේ.

PB-001 ලෙස හඳුන්වන මෙම බද්ධ කිරීම, නිරෝගී කෝනියක පැහැදිලිකම සහ ජෛව යාන්ත්‍රික ගුණාංග අනුකරණය කිරීම සඳහා පුළුල් කරන ලද, ස්ථරයෙන් ස්ථරයට මුද්‍රණය කරන ලද මිනිස් කෝනියල් එන්ඩොතලියල් සෛලවලින් නිර්මාණය කර ඇතැයි සඳහන්.

තනි පරිත්‍යාගශීලීන්ගේ කෝනියාවක් න්‍යායාත්මකව ජෛව මුද්‍රිත බද්ධ කිරීම් සිය ගණනකට භාවිතා කළ හැකි බව සමාගම පැවසුවේය.

මෙම සැත්කම ජෛව මුද්‍රිත කෝනියාවේ ආරක්ෂාව සහ මුල් ක්‍රියාකාරිත්වය ඇගයීම සඳහා නිර්මාණය කර ඇති පළමු වන අදියරේ සායනික අත්හදා බැලීමක කොටසක් වේ.

ශල්‍යකර්මය සිදුකළ කණ්ඩායමේ මුල් ඇඟවීම්වලින් පෙනී ගොස් ඇත්තේ සැත්කම අතරතුර බද්ධ කිරීම හොඳින් හසුරුවන අතර අපේක්ෂිත පරිදි ක්‍රියාත්මක වීමේ මුල් සලකුණු ද පෙන්නුම් කර ඇති බවයි.

අනාගත අත්හදා බැලීමේ ප්‍රතිඵල සාර්ථක වුවහොත් ලොව පුරා කොර්නියා අන්ධභාවයෙන් පීඩා විඳෙන ලක්ෂ සංඛ්‍යාත පිරිසකට මෙම නව තාක්ෂණය විශාල ප්‍රතිලාභයක් ලබාදෙනු ඇති බවයි පර්යේෂකයින් විශ්වාසය පළ කරන්නේ.

World News

Send your contact Details Today