කෘත්‍රිම බුද්ධිමය (AI) මෙවලම් පවසන සෑම දෙයක් ම මිනිසුන් “අන්ධ ලෙස විශ්වාස” නොකළ යුතු බව Google මව් සමාගම වන Alphabetහි ප්‍රධානියා බීබීසීයට පවසා තිබේ.
විශේෂ සම්මුඛ සාකච්ඡාවකදී එහි ප්‍රධාන විධායක නිලධාරී සුන්දර් පිචායි පැවසුවේ, කෘත්‍රිම බුද්ධි ආකෘති “දෝෂවලට ගොදුරු වීමේ ප්‍රවණතාවක් ඇති” බවත් අනෙකුත් මෙවලම් සමග ඒවා භාවිත කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ය.
කෘත්‍රිම බුද්ධි තාක්ෂණය මත පමණක් රඳා පැවතීමට වඩා පොහොසත් තොරතුරු පරිසර පද්ධතියක් තිබීමේ වැදගත්කම එමගින් ඉස්මතු කරන බව පිචායි පැවසීය.
“මේ නිසා තමයි මිනිස්සු Google search භාවිත කරන්නේ, ඒ වගේ ම නිවැරදි තොරතුරු සැපයීමේදී වඩාත් විශ්වසනීය මූලාශ්‍ර මත පදනම් වුණු වෙනත් නිෂ්පාදන අප සතුව තිබෙනවා.”
කෙසේ වෙතත්, ඇතැම් විශේෂඥයින් පවසන්නේ Google වැනි විශාල තාක්ෂණික සමාගම් තම මෙවලම් මගින් සපයනු ලබන තොරතුරුවල නිවැරදි බව පරීක්ෂා කිරීමට පරිශීලකයින්ට ආරාධනා නොකළ යුතු බවත්, ඒ වෙනුවට ඔවුන්ගේ තොරතුරු පද්ධති වඩාත් විශ්වාසදායක කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතු බවත්ය.
“ඔබට යමක් නිර්මාණශීලීව ලිවීමට” AI මෙවලම් ප්‍රයෝජනවත් වුණු අතර, මිනිසුන් “ඔවුන් දක්ෂ දේ සඳහා මෙම මෙවලම් භාවිත කිරීමට ඉගෙන ගත යුතු” බවත් ඒවා පවසන සෑම දෙයක් ම අන්ධ ලෙස විශ්වාස නොකළ යුතු” බව ත් පිචායි පැවසීය.